හොක්කට අත දමා කොක්ක ගලවයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිල දමා මහත් අපහසුවෙන් සිටි අඩි 13 ක් පමණ දිගින් යුත් කිඹුලකුගේ කටට අත දමා එම ඇම ඉවත් කිරීමට කළුතර මොරන්තුඩුව ගෝනදූව කවටයාගොඩ තරුණයෙක් කටයුතු කළේය.  

ඔහු නමින් උදාර සංජීව නමැති හතළිස් හැවිරිදි තිදරු පියෙකි.

කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ඔයක කිසියම් පුද්ගලයකු අටවන ලද ඇමක් ගිලදැමූ කිඹුලකු සිටින බවට ප්‍රදේශවාසීන් අතර කටින් කට පැතිර ගිය ආරංචිය සැලවී එම ස්ථානයට පැමිණි උදාර සංජීව එහි සිටි අනකුත් පුද්ගලයන්ගේ සහායෙන් දැඩි වෙහෙසක් දරා කිඹුලව ගොඩට ගැනීමට මුලින්ම කටයුතු කර තිබිණි.

අනතුරුව ඉඩ පහසු ස්ථානයකට කිඹුලාව රැගෙන උදාර සංජීව ඇතුළු අනෙකුත් පුද්ගලයන් ආරක්ෂාකාරී අයුරින් කිඹුලාගේ කට විවෘත කර යතුරු පැදි කේබලයක් ආධාරයෙන් අටවා තිබූ කුකුල් බොකු සවිකර තිබූ ඇම ඉවත් කිරීමට දැඩි වෙහෙසක් දරා කටයුතු කෙරිණි.

ඒ සඳහා ඔහුට විනාඩි 30ක පමණ කාලයක් වැය වූ අතර එහි සිටි සෙසු පුද්ගලයන්ගේ සහාය ද නොමඳව ලැබිණි.