අනුරාධපුර බන්ධනාගාරයේ දිර්ඝකාලින සිරදඩුවම් ගෙවු 11 දෙනෙක් අද (10) නිවාස නිවාඩු ලබා සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
මෙම රුදවියන් වසර පහත් අවුරුදු විස්සත් අතර සිර දඩවම් විදිමන් සිටි පිරිසක් බව අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරි ඒ.කේ.බංඩාර මහතා පැවසිය.
සිරදඩුවමින් අඩකට අධික කාලයක් සිර දඩුවම් විදි යහපත් කල් ක්‍රියාවෙන් බන්ධනාගාරයේ පොදු වැඩ වලට දායකත්වය ලබා මෙම රැඳවියන් හට පළමු වතාවට දින හතක නිවාස නිවාඩුවක් ලබා දිමට බන්ධනාගාර සහ පුනරුප්තාපන අමාත්‍යාංශය ගනු ලැබු තිරණය මත මෙසේ මෙම රැඳවියන්ට නිවාඩු දී ඇත.
මෙසේ යහපත් කල් ක්‍රියාවෙන් සිරදඩුවම් විද නිවාස නිවාඩු ලබා යන පුද්ගලයන් දෙවන වතාට දින දහයක සහ දින 14 ක නිවාඩුවක් ලබාගැනිමේ හැකියාව පවති.