පසුගිය සති අන්තයේදී ඉන්දියාවේ හයිද්බාද්හි පැවැති 63 වැනි දකුණු ඉන්දීය "ෆිල්ම් ෆෙයාර්" සම්මාන උලෙළෙදී වසරේ හොඳම දමිළ සිනමා නළුවා ලෙස වික්රම් සම්මාන දිනා ගැනීමට සමත් විය. ඒ ඔහු පසුගිය වසරේ රඟපෑ "අයි" චිත්රපටයේ කළ රංගනය උදෙසාය. වික්රම් මෙම සම්මාන උලෙළේදී හොඳම නළුවා වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2001 වසරේ තිරගත වූ "කසී" චිත්රපටයේදී "කාසී" චරිතය නිරූපණය කරමින් හොඳම නළුවා බවට පත්ව තිබුණි. මෙම සම්මාන උලෙළේදී වික්රම හොඳම නළුවා වෙද්දි හොඳම නිළිය ලෙස සම්මාන දිනාගනු ලැබුවේ, "නායිමු රාවුඩි දාන්" චිත්රපටයේ රඟපෑ නයන්තාරාටය. හොඳම චිත්රපටය වූයේ ධනුෂ් විසින් නිෂ්පාදන කළ "කාක මුට්ටෙයි" චිත්රපටයයි. මෙම සම්මාන උලෙළේදී දමිළ චිත්රපටවලට අමතරව තෙළෙඟු හා කන්නඩ චිත්රපට සඳහාද සම්මාන පිරිනැමුණි.