නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා ලෙස පෙනී සිටිමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ රාජකාරී දුරකථනයට අමතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 3 උසාවියට හෝ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කතා නොකරන ලෙසට පැවසූ පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත කරුණු වාර්තා කර ඇත.
තමා නොමඟ යවමින් මෙම පුද්ගලයා තම රාජකාරි දුරකතන අංකයට සහ ජංගම දුරකතන අංකයට වරින් වර ඇමතුම් ලබා දුන් බවට සදහන් කරමින් මෙම පැමිණිල්ල පොලිස්පති සහන මැදිරිය වෙත ඉදිරිපත් කර තිබුණේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වූ කොළඹ 07 පදිංචි ජී. එම්. වසන්ත ප්‍රදීප් ජයතිලක මහතා විසිනි.