හොර පාරෙන් රට යවන කල්ලියට වැඩ වරදී


නීති විරෝධී ලෙස කැනඩාවට පුද්ගලයින් විදේශගත කිරීමේ කල්ලියක පුද්ගලයන් හය දෙනෙකු ව්‍යාජ ගමන් බලපත්‍ර හා වීසා තොගයක් සමඟ අද (18) අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියයි.

සැකකරුවන් සමඟ ව්‍යාජ ගමන් බලපත්‍ර 200 කට අධික සංඛ්‍යාවක් පරිගනක යනුත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ව්‍යාජ මුද්‍රා සහ තවත් උපකරණ කිහිපයක් අතුඅඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ව්‍යාජ වීසා ලබා දීමට එක් පුද්ගලයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසකට අධීකමුදලක් ලබා ගන්නා බව හෙළි වී ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියයි.

1(2) 2(2) 3(3)