සුදුසුකම් නැති පුද්ගලයකු දකුණු පළාත් සභාවේ සුබ සාධන අරමුදලින් සූරියවැව දී නොමිලේ ඇස් පිරික්සා කණ්ණාඩි බෙදා දීම ගැන රජයෙන් පරීක්ෂණයක් අරඹයි.
මෙම සායනය පැවැත්වූ පුද්ගලයාට ඇස් පරීක්ෂා කිරීම සඳහා කිසිදු සුදුසුකමක් නැතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධරයා ප්‍රකාශ කරයි.
ඔහු පොලිසිය සමග එහි ගොස් එම සායනය නතර කළේය. මෑතදී දකුණු පළාත් සභා ඇමැතිකමෙන් ඉවත් කළ ඩී.වී.උපුල් ද මෙම සායනය සංවිධානය කළ බව කියති.
සායනය නතර කරද්දී පිරිසක් හූ කී බවද වාර්තා වේ.