හොර වෙදෙක් සැකපිට


විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් සුපිරි පන්නයේ මෝටර් රියකින් ගමන් කරමින් පුද්ගලයන් හා ආයතන මුලා කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් හා දේපළ වංචා කළැයි කියන අයකු අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිසිය කියයි.

දිවුලපිටිය බලගල්ලේ බව කියන සැකකරු නම් දෙකකින් පෙනී සිට ඇතැයි පොලිසිය පවසයි. සැකකරු කොළඹ ජාතික රෝහලේ මෙන්ම මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලේ සේවය කරන බව පවසමින්  මෙසේ චංචා කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.