සංගීත සන්දර්ශනයක් පවත්වන බව කියමින් ව්‍යාජව සැකසූ ටිකට්පත් විකුණා රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් වංචනිකව ලබාගත්තැයි සැකපිට පුද්ගලයින් දෙදෙනෙකුඅත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය කියයි.
මොවුන් මඩකල්පුව කල්ලඩි ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසක මෙම ටිකට්පත් විකුණා ඇති අතර පොලිසිය මේ සම්බන්දයෙන් කළ විමර්ශනයකදී එම ප්‍රදේශයේ කිසිදු සංගීත සන්දර්ශනයක් නොපැවෙත්වෙන බවට අනාවරණය කරගෙන ඇත.
මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.