හොරණ ප්‍රබන්දයේ හුළං බහියි


සියා සමඟ සුළු අමනාපයකට සෑහෙන දුරක් පයින්ම හොරණට  ආ බව කියන කුඩා දරුවන් දෙදෙනෙකු අසල්වැසියනුත් පොලිසියත් මුලා කිරිමට දක්ෂ රඟපාමක යෙදුණු බව තෙබුවන පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කළ අවස්ථාවේ කිසිවෙකු තමන් පැහැර නොගත් බවත් පහර  නොදුන් බවත් කියති.

ඔවුන් පරික්ෂා කළ හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා  කියා ඇත්තේ පහර  කෑමට  ලක් නොවී ඇති බවයි. සියා සහ මිත්තණිය ළඟ සිටින බවයි. ඔවුන් දෙදෙනා මිත්තණිය ළඟට  යාමට  අකමැති බවත් පරිවාස බාරයට පත් කරන ලෙසත් අධීකරණය නියෝග කළේය.


අයියටයි මල්ලිටයි ගස් බැඳ පහර දීලා ?

තෙඹුවන  නාහල්ල ශ්‍රි රේවත මහා  විද්‍යාලයේ ඉගෙනුම ලබන සොහොයුරන් දෙදෙනෙකුට පෙරදින පාසල නිම වී නිවස කරා යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකු කැළයකට ගෙන ගොස් ගස් බැද පහර දී  ඇතැයි පොලිසිය කියයි.