හොරෙන් ගෙනා රතු සීනි තොගයක් රේගුව අල්ලයි


(යොහාන් භාසුර)

සුදු සීනි යැයි රේගුවට ප්‍රකාශ කරමින් ඉන්දියාවෙන් ආනයනය කළ රතු සීනි මෙට්‍රික්ටොන් 600 ක් පෑලියගොඩ පිහිටි රේගුව ගබඩාවේදී අද (6) භාරයට ගැනීමට රේගු නිලධාරීහූ සමත් වූහ.

සුදු සීනි මෙටි්‍රක්ටොන් 1200 ක් ආනයන කරන්නේ යැයි රේගුව නොමඟ යවමින් මෙම රතු සීනි මෙට්‍රික්ටොන් 600 ආනයන කර ඇති බවත් රතු සීනි ආනයනය සීමාකර ඇති බවත් රේගුව වැඩි දුරටත් කීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම ගබඩාවේදී අද පස්වරුවේ එම සීනි තොගය පරීක්‍ෂා කළේය.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි