ළමා ශ්‍රමිකයන් වෙනුවෙන් අනිල් කපූර්


බොලිවුඩ් නළු අනිල් කපූර් ඉන්දියානු ළමා ශ්‍රමිකයන් වෙනුවෙන් නැගී සිටීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු ඉන්දියාවේ NGO සමග එක්ව ඉන්දියානු ළමා පරපුර වෙනුවෙන් නැගී සිටීමට උත්සාහ ගන්නා බව ඉන්දියානු වෙබ් අඩවි පවසනවා. ඔහු මෙහිදී පවසා ඇත්තේ ඉන්දියාවේ පමණක් සෑම උදෑසනම ළමුන් මිලියන 08ක් පමණ පාසල් නොයා රැකී රක්ෂා සඳහා පිටත්ව යන බවය. මේ හේතුව නිසා මෙම ක්‍රමය වෙනස් කොට, ළමුන්ට අධ්‍යාපනය ලබාදීමට මඟක් පාදාදීම අනිවාර්ය බව ඔහු වැඩිදුරටත් එහිදී පවසා තිබෙනවා.


20160615Anil-1 20160615Anil-2 20160615Anil-3