ෆුල්ෆෙස් හෙල්මටයට යළිත් ඉඩ


සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන (ෆුල්ෆේස්) හෙල්මට් භාවිතය තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම අගෝස්තු 4 වැනිදා තෙක් දීර්ඝ කිරීමට  අද (4) අභියාචනාධිකරණය  තීන්දු කළේය.

සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා මේ බව ප්‍රකාශ කළහ.