ෆේස්බුක් පෙම්වතා වව්නියා පොලිසියේ


ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ තරුණියන් රවටා විවාහ කරගන්නා බවට පවසමින් ඔවුන්ගේ  රන්භාණ්ඩ හා මුදල් වංචා කළැයි කී පුද්ගලයකු වවුනියාවේ දී බදාදා (23) වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

යාපනය ප‍්‍රදේශයේ තරුණයකු වවුනියාව ඊච්චන්කුලමේ තිස්හැවිරිදි තරුණියක විවාහකර ගන්නා බවට පවසා මුදල් හා රන්භාණ්ඩ රැගෙන පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනවාරි 03 වැනිදා වවුනියාව පොලිසිය වෙත ලැබුණ පැමිණිල්ලක් ලැබිණි.

පොලිසිය මාස ගණනක් යාපනයේ සෝදිසි කොට පසුව වවුනියාව පොලිසිය විසින් උපායධූතයකු ලෙස කාන්තාවක් යොදවා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සැකකරු සම`ග මිතුරුවී තිබේ.

පසුව කාන්තාව හා විවාහවීමට සැකකරු කැමති බවත් තමන් වවුනියාවට පැමිණෙන බවට කාන්තාව පවසා ඇති අතර එය පොලිසියට දැණුම්දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවටගෙන ඇත.

සැකකරු විසින් දීර්ඝ කාලයක සිට ෆේස්බුක් සමාජ ජාල වෙබ්අඩවි ඔස්සේ කාන්තාවන් රවටා විවාහ වන බව පවසමින් මුදල් හා රණ්භාණ්ඩ සොරාගෙන ඇති බවට විමර්ශණය වලින් අනාවරණය වූ බවත් සොරාගත් රුපියල් ලක්ෂ පහකට ආසන්න රන්භාන්ඩ පවුම් 15 පමණ සොයාගත් බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවටගත් සැකකරු යාපනය, වැල්වැටිතුරෙයි උ`ඵප්පිට්ටි ප‍්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි අයෙකු වන අතර ඔහු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.‍