විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් රක්ෂණ දෙකක් තිබියදී ඩොලර් 100 අය කරමින් අන්තර්ජාලය හරහා තවත් රක්ෂණයක් ලබා දීම විනිවිද භාවයෙන් තොරව සිදුකළ ගනුදෙනුවකැයි ශ්‍රී ලංකා - කුවෙට් විගමණික ශ්‍රමික සුබ සාධක සංගමයේ සභාපති ෂෙයින් මිල්හාන් ප්‍රකාශ කළේය.
ඩොලර් 50 කට ලබා දිය හැකි එම රක්ෂණය සඳහා ඩොලර් 100 ක් අය කිරීමෙන්ම මෙම රක්ෂණයේ යම් සැකයක් ඇතැයි පෙනීයන බව මිල්හාන් මහතා කීය.
මරදාන සමාජ හා සාමයික කේන්ද්‍ර ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසූ ඔහු මේ ගැන විෂය භාර අමාත්‍යවරිය සමග සාකච්ඡා කළ බවත් ඇය කියන්නේ මේ මුදල හාම්පුතා ගෙවන බවත් බව පැවසීය. නමුත් එය බොරුවක් බව ද මේ මුදල අන්තර්ජාලය හරහා ගෙවන නිසා අදාල සමාගමේ කිසිවකු ඒ ගැන දැනුවත් නැති බවද කී මිල්හාන් මහතා කුවේට් රටේ රක්ෂණයක් හඳුන්වාදෙනවා නම් එරට වෙළඳ හා කර්මාන්ත අමාත්‍යංශයේ අවසර ගත යුතුව ඇතැයිද මේ රක්ෂණය සදහා එවැනි අවසරයක් ලබාගෙන නැති බවත් කීවේය.