‘අපි අද යන්නේ අපහසු ගමනක්‘


‘වත්මන් යහපාලන රජයේ ක්‍රියාකාරකම් පිළිබඳව ඇතැම් අය කලකිරීමෙන් කථා කරනවා. පරාජිතයන්ගෙන් පළිගන්න ක්‍රමය පසුගිය ජනවාරි 15 වැනිදායින් අපේ රටෙන් ඈත් වුණා. අපි අද යන්නේ ඉතාම අපහසු ගමනක්. අවුරුදු කිහිපයක් ගතවන විට අපේ රට ආසියාවේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් වේවි.‘ යැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය.

‘2015 ජනවාරි 8 දින ජනතාව ලබාගත් නිදහස ආපස්සට හරවන්න ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් ජනතා බලයක් නොමැති දේශපාලනඥයන් කිහිප දෙනෙක් දරන අසාර්ථක උත්සාහය වැඩි දවසක් යන්න කලින් සම්පූර්ණයෙන්ම පරාජයට පත්වේවි. ‘ යැයිද සමරවීර මහතා කීවේය.

මහියංගණය සමූපකාර ගොඩනැගිල්ලේ පැවැති ඇස් කණ්ණාඩි ලබාදීමේ සායනයක සමාරම්භක උළෙල අමතමින් ඒ මහතා එසේ සඳහන් කළේය.