අරණායක නාය යෑමෙන් අද වනවිට සිරුරු 19ක් සොයාගත් බව රතුකුරුස සංවිධානය කියයි. එහෙත් කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියනුයේ සිරුරු 14ක් හා සිරුරු කොටස් කිහිපයක් සොයාගත් බවයි.
අරනායක ගම් තුනක පවුල් 220ක් අනතුරට ලක්වී ඇති බවත්, ඉන් පවුල් 19ක සාමාජිකයන් සොයා ගෙන ඇති නමුත් ඉතිරි පවුල් ගැන මෙතෙක් තොරතුරක් නැති බවත් රතුකුරුස සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් ජොනී මහතා කියයි.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල බාර සහකාර අධක්ෂ ජගත් මහේන්ද්‍ර මහතා කියනුයේ අරණායක නාය යෑමෙන් 135 සෙවනු වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බවයි.
අවතැන්වූවෝ 1700ක් පමණ කඳවුරු නවයක සිටිති.