‘අලි නඩුවට මහේස්ත්‍රාත් උසාවියට‘ : නීතිපති උපදෙසුත් ලැබිලා


අනවසර අලි පැටියකු ළඟ තබාගෙන සිටි බව කියන කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (13) ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබුණත් ඔහු එහි නොගිය බව වාර්තා වේ.

මහේස්ත්‍රාත්වරයා අසනීපවී සිටීම ඊට හේතුව බව කියති.

මහේස්ත්‍රාත්ට අමතරව තවත් තිදෙනකුගෙන් මේ සම්බන්ධ ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැකකරුවකු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙසතියකට පමණ කලින් රහස් පොලිසියට උපදෙස් දුන්නේය.