‘අලුත් මාරයාත් අද හෙට තහනම් ?‘


තහනමට ලක්වූ ග්ලයිපොසේට් නම් වල්නාශකය වෙනුවට මෙරටට ගෙන්වූ ග්ලුෆොසියේට් නම් උග‍්‍ර විෂ සහිත වල් නාශකය අද හෝ හෙට තහනම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

මේ වල් නාශකය පිළිබඳව කෘෂිකර්ම ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් මේ සතිය ආරම්භයේ දී එම වල්නාශකය තහනම් කිරිමට ඔවුන් පොරොන්දු වූ බවත් උන්වහන්සේ කීිහ.

තේ වගාවේ වල් නාශක මර්දනය සඳහා ග්ලූෆොසියේට් නමැති මෙම වල් නාශකය ගෙන්වා ඇත්තේ ජනාධිපත් හෝ අගමැතිවරයාගේ කිසිදු අනුදැනුමකින් තොරව නිලධාරින් ගේ  වුවමනාවට බවත් පෙනීයන්නේ යැයි ද රතන හිමියෝ පැවැසූහ.