‘අශ්වයා ගිය පසු ඉස්තාලය වහයි‘


කැලණිය බියගම පාරේ කළු පාලමේ පසුගිය සිකුරාදා (8) කන්ටේනරයක් හැපීමෙන් රේල් පාරට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නැත.

රජයේ පොදු දේපළට හානි සිදු කළැයි කන්ටේනර් රියදුරා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටී.

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය කළු පාලම දෙපස වේග සීමා ගැටි ඉදිකළේය. දුම්රිය ආරක්ෂක සේවය ද 24 පැයෙහිම දුම්රිය ආරක්ෂකයන් රාජකාරියට යොදවා ඇත.