‘ආණ්ඩුවත් පටි තදකරගන්න ඕනෑ‘


පවතින ආර්ථික අර්බුදය නිසා රට ගොඩගැනීමට සියලුම දෙනා කැප කිරීම් කළ යුතු බවත් අමාත්‍යවරුන්ට වාහන ගැනීමට ගත් තීන්දුව  පවා නවතා දැමුවේ එම කාරණාව නිසා යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය  විජිත් විජිතමුණි සොයිසා මහතා අද වාරිමාර්ග අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘බස් එකෙන් හෝ පයින් ගිහින් ජනතාවට සේවය කළ හැකියි. නමුත් මම ලංකාවේ අවසාන කෙළවරේම සිටිනා අමාත්‍යවරයා නිසා මට  හොඳ තත්ත්වයේ වාහනයක් අවශ්‍යයයි . වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස මම රට වටේම යනවා. රට වටේම යන නිසා මගේ බෙල්ලේ  ඇටයක් ගෙවිලා පිටකොන්දේ  ඩිස්ක් ගිහිල්ලා තියෙන්නේ. මට ලබා දීලා තියන වාහන දෙකම දැන් අබලන් වෙලා අනතුරට ලක්වෙලා. ඒ නිසා මගේ වැඩ කටයුතු කරගන්න මටත් වාහනයක් අවශ්‍යයයි‘ යැයි ද ඇමැතිවරයා කීය. 

wijith_2016613DSC_3543