‘ආපදා ෆේස්බුක් එකටත් එයි‘


ගංවතුරින් හා නායයෑම් වලින් අවතැන්වූ ජනතාව සම්බන්ධයෙන් තහවුරු කරගැනීමටත් සිය මිතුරු මිතුරියන් ආරක්ෂිතව සිටිද යන්න දැනගැනීමටත් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී ඇත.

‘ෆේස්බුක් සේෆ්ටි චෙක්‘ නමැති එම ක්‍රමය හරහා ෆේස්බුක් සාමාජිකයන්ට පණිවිඩයක් ලැබෙන අතර එයින් තමන් ආපදාවලින් ආරක්ෂිතද යන්න සඳහන් කරන ලෙස දැනුම් දීමක් කරයි. එමගින් තම මිතුරු මිතුරියන්ගේ ද ප්‍රතිචාර අනුව ආරක්ෂිතව සිටින පිරිස් හඳුනාගැනීමේ අවස්ථාව සලසා දී ඇත.

නවීන තාක්ෂණය භාවිතයෙන් එසේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ ක්‍රම වේදයක් ෆේස්බුක් අඩවිය ලොව පුරා රටවල් රැසක මීට පෙර අත්හදා බැලීය. ඒ සඳහා ෆේස්බුක් සාමජිකයන්ගේද වැඩි මනාපයක් හිමිව ඇතැයි කියති.

web_2016518Untitled-1