‘ඇතුගල පිපිරුවේ රස්නෙටයි : අඩි දෙකක් යටටත් ගිහිල්ලා‘


ජාතික ගොඩනැගිලි හා ඉදිකිරීම් පර්යේෂණ ආයතනයේ නාය යෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතා අද (20) සවස කුරුණෑගලට පැමිණ ඇතුගල පිරික්සීය.

ඔහු පැවසූයේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා මෙවැනි පිපිරීම් සිදුවිය හැකි බවයි.

පිපුරුම අඩි දෙකක් ගැඹුරට ඇති බවත් එම ස්ථරයේ ගල් පතුරු ගැලවී ඇති බවත් ඔහු කීවේය. මීට වසර ගණනාවකට කලින් ද එම ස්ථානයේ ගල් පතුරු ගැලවී ගොස් ඇති බවද ඔහු කියයි. පර්වතයේ පිපිරී ගිය කොටසේ ඡායාරූපද වැඩි දුර පරීක්ෂණ සඳහා ඔහු රැගෙන ගියේය.

 


ඇතුගලත් පුපුරයි

වයඹ පළාත් සභා සංකීර්ණය අසලින් ඇතුගලට පිවිසෙන පියගටපෙළ ආසන්නයේ පිහිටි විශාල පර්වතයක් පුපුරා ගොස් ඇත.

ගල් පර්වතයේ ස්ථාන දෙකකම පිපිරුම සිද්ධ වී ඇති අතර එම පිපිරුම ගලේ මීටර් 50කට වැඩි දුරකට පැතිර ගොස් තිබේ.

පිපිරුම සිදුවූ ස්ථානයේ සිට වයඹ පළාත් සභා සංකීර්ණයට ඇති දුර මීටර් 50කට ආසන්නය. සෙනසුරාදා (19) රාත්‍රියේ ගල් බෝරයක් පුපුරා යන ආකාරයේ ශබ්දයක් නගමින් මෙම ගල පුපුරා ගිය බවත් ගලේ කැබැලි බොහෝ දුර විසිවී ගොස් තිබූ බවත් ඒ අසල වෙළෙඳාමෙහි යෙදී සිටි අයකු කියයි.

13 වැනි සියවසේ රාජධානියක් වූ කුරුණෑගල ඇතාගල, ඉබ්බාගල, ආඳාගල, එළුගල, ඇතුගල, කුරුමිණියාගල, වඳුරුගල, යක්දෙස්සාගල හා ගෝනිගල නමින් පර්වත කිහිපයක් ඇත්තේය.

ඇතුගල සහ ඉබ්බාගල හාවී ඇති සාවියේ මෙම පිපිරීම දක්නට ලැබේ. ඊට ඉදිරියෙන් සුවිසල් නල ජල ටැංකියක් ඉදිකිරීමට චීන සමාගමක් පසුගියදා ගල්බෝර ද ගැසීය. 

athugala_2016320(1) athugala_2016320(2) athugala_2016320(3)

ibbagala_2016320