‘උණ්ඩ කොටස් එකතු කිරීම වරදක්‘


සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ ගිනි ගැනීම හේතුවෙන් අවට ප්‍රදේශය පුරා විසිරී පවතින පිපුරුණු හා නොපිපුරුණු උණ්ඩ කොටස් විවිධ පුද්ගලයන් එකතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් එවැනි භාණ්ඩ පරිහරණය මහජනතාවට අනතුරක් විය හැකි බැවින් එසේ කිරීමෙන් වළකින්නැයි පොලිසිය ඉල්ලා සිටියි.

මෙවැනි කොටස් සම්බන්ධයෙන් දැනගත් වහාම එම කොටස් නිශ්ක්‍රීය කිරීම සඳහා ක්‍රියා කරන විශේෂ කාර්ය බළකායේ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රිය අංශයට දැනුම් දෙන්නැයි පොලිසිය පවසයි.

මෙවැනි කොටස් එකතු කරන්නන් හෝ ළඟ තබාගෙන සිටින්නන් මහජන ආරක්ෂාවට පටහැනි වරදක් සිදුකරන අය බවත් එවැන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් පොලිසිය සඳහන් කරයි. සංවිධානාත්මක එවැනි කටයුතු කරන පුද්ගයන් හෝ කණ්ඩායම් සිටීනම් ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටී.

011 3046128/ 011 3046129/ 011 2580518/ 077 7303274 දුරකථන අංක අමතා මේ සම්බන්ධයෙන් දැනුම් දීම් කළ හැක.