‘එදා හයිඩ් පිටියට ගිය අය මෙදා ගාල්ලට එනවා’


‘එදා මහින්ද මහත්තයාට  සහාය පළ කරමින්  හයිඩ් පිටියේ  රැළියට  ගිය සමහර  අයත්  මැයි  පළමු වැනි දා  ගාල්ලේ  පැවැත්වෙන ශ්‍රී  ලංකා  නිදහස්  පක්ෂයේ  මැයි  රැළියට  සහභාගී වීමට  නියමිත බව’ සංචාරක නියෝජ්‍ය ඇමැති  අරුන්දික ප්‍රනාන්දු  මහතා  කියයි.

යහපාලන ආණ්ඩුවේත් වැරදි තියනවා. අපි  වැරදි  විවේචනය කරමින්  හදා ගන්නවා. සමහර  විට  අපිට  ආණ්ඩුවෙන්  යන්න වෙයි. එත් පක්ෂය කඩාගෙන යන්නේ  නෑ. මෛත්‍රීපාල ජනපතිතුමා  සංවේදී  නායකයෙක්. එතුමා  යටතේ  අනාගතයේ  ශ්‍රී  ලංකා  නිදහස්  පාක්ෂික රජයක්  ගොඩනගන එකයි  අපේ  බලාපොරොත්තුව යැයි ඔහු සඳහන් කළේය.

RDS_8936