‘ඕමාන් එයාර් ඇබෑසියක් පමණයි‘


හදිසි අවස්ථාවකදී අදාල සියලු පාර්ශවකරුවන්ගේ සන්නිවේදන ගලායාම සහ වේගය ඇගයීමට ලක් කිරීම සඳහා ඕමාන් ගුවන්සේවය අද (18) උදේ 11ට හදිසි ප්‍රතිචාර නිවේදන අභ්‍යාසයක් දුරකථන මාර්ග ඔස්සේ ක්‍රියාත්මක කළේය.

මෙම ක්‍රියාවලිය ගුවන් සේවා කර්මාන්තයේ සාමාන්‍ය ඇබෑසියක් වන අතර මෙය ක්‍රියාත්මක කරනුයේ සියලු සන්නිවේදන නාළිකා ඵලදායී බව සහතික කිරීම සඳහා බවත් මෙම පුහුණුව හදිසි ප්‍රතිචාර සැලසුම් ක්‍රියාවලියක අනුකලන කොටසක් වන අතර අවශ්‍ය පියවර ගැනීම උදෙසා අදාල පුද්ගලයන් වහාම දැනුම්වත් කෙරෙන බව සහතික කරගැනීම පිණිස සිදුකරන ලද්දක් බවත් එම ගුවන් සේවය කියයි.

කිසිදු ආකාරයක සැබෑ හදිසි තත්ත්වයක් උද්ගත නොවූ බවත් මෙය සම්මත හදිසි ප්‍රතිචාර ආදර්ශනයකට අනුව දුරකථන මාර්ග ඔස්සේ සිදුකරන ලද නිවේදන අභ්‍යාසයක් බවත් එම ගුවන් සේවය අවධාරණය කරයි.


ඕමාන් යානයක් පෙරහුරු ඇබැසීයක: 'කටුනායක සියල්ල සීරුවෙන්' 12.18

ඕමාන් ගුවන් සේවයේ යානයක් මගීන් ද සමග අද (18) පෙරවරු 11.12ට කටුනායක ගුවන්තොටුපළට හදිසියේ ගොඩබෑමත් සමග අවට පොලිසි ගුවන් හමුදා හා රෝහල් හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානමින් තබා ඇත.

ඕමාන් යානය නිරුපද්‍රිතව ගොඩබා ඇතැයි ද එසේ කළේ වාර්ෂික පෙරහුරු අභ්‍යාසයක් ලෙසැයි ද ඕමාන ආරංචි කියයි.