ආර්ථිකය ලිහිල් කිරීමේ ක්‍රියාවලියේ අංගයක් ලෙස කම්කරු නීති ප්‍රතිසංස්කරණය කරන්නට වැඩපිළිවෙළක් දියත් වී තිබෙන බවත් එලෙස කම්කරු නීති වෙනස් කිරීමේ අරමුණ දැනට කම්කරුවන්ට වාසිදායක ලෙස තිබෙන නීති කප්පාදු කිරීම බවත් ලංකා වෙළෙඳ කාර්මික පොදු සේවක සංගමයේ මහලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා අද (27) පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුලෙන් එලියට ද? කබලෙන් ළිපට ද? යන සම්මන්ත්‍රණය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ අද (27) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු එලෙස කීවේය.
අද කම්කරුවන්ට ආර්ථිකය ගැන අවධානය යොමු කිරීමට වෙලාවක් නැතැයි ද, ඔවුනට වැටුප හා නිවාඩු ගැන පමණක් අවධානය යොමු කරන්නට සිදු ව ඇතැයි ද ඔහු එහිදි පෙන්වා දුන්නේය.
එම නිසා කම්කරු ජනතාවට බලපාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාව ආදී ආර්ථික කරුණු ගැන වෘත්තීය සමිති ව්‍යාපාරයවල අවධානය යොමු වීම අඩු වී ඇති බව කී ජයකොඩි මහතා ආණ්ඩුව එදා කම්කරුවන් දිනාගත් කම්කරු අයිතීන් පවා කප්පාදු කරමින් සිටින බව ද පෙන්වා දුන්නේය.
ආර්ථික විශ්ලේෂක අහිලන් කදිරගාමර්, ආර්ථික ප්රජාතන්ත්රවාදය සන්ධානයේ කැඳවුම්කරු අමාලි වෙලගෙදර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ චින්තක රාජපක්ෂ හා ආර්ථික ප්රජාතන්ත්රවාදය සන්ධානයේ කැඳවුම්කරු සාමාජික රමිඳු පෙරේරා යන අය සහභාගී වූහ.