‘කරන්දෙණියේ නිදහස් වෙළඳපොළක්’


‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති, අගමැති  හෝ කැබිනට්  මණ්ඩලය නොව මහජන පරමාධිපත්‍ය බල සම්පන්න බැවින්  රාජ්‍ය සේවකයන් ඒ අනුව යමින්  ජනතාවට  සේවය කළ යුතු  බව’ හික්කඩුව, ගෝනාපීනුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ කමිටු  රැස්වීම අමතමින් ස්වදේශ අමාත්‍ය  වජිර අබේගුණවර්ධන මෙසේ පැවසුවේය.

අකුරල සිට ගාල්ල දක්වා  සංචාරක කලාපයක්  ඉදිකිරිමට  යෝජනා කර  ඇති  බවද, අම්බලන්ගොඩ, බලපිටිය, කරන්දෙණියේ අක්කර  300ක නිදහස්  වෙළඳ කලාපයක්  පිහිටුවන බවද කොග්ගල වෙළඳ කලාපය සංවර්ධනය කර  තවත්  3500 දෙනෙකුට  පමණ රැකියා  අවස්ථා ලබාදීමට බලාපොරොත්තු වන බවද ඇමැති  සඳහන් කළේය.

IMG_1552