‘ගමන් බලපත්‍ර 300ක් හොයා ගත්තා‘


අයදුම්කරුවන් වෙත භාරදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් එවූ ගමන් බලපත්‍ර 300ක් පමණ කාර්යාලයයේ තිබෙන බව දැනගන්නට ලැබුණු බවත්, ඒවා ලැබුණු විගස අයදුම්කරුවන්ට ලබා දීමට කටයුතු කළා නම් වඩා සුදුසු නමුත් ඒ ගැන කාර්යාලයයේ කිසිවකුට දෝෂාරෝපණය නොකරන බවත් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා කියයි.

ඔහු මේ බව පවසනුයේ ‘විදෙස් ගත ලාංකිකයන්ට ගුවන් බලපත්‘ මැයෙන් 2016 ජුනි 13 වැනිදා ලංකාදීප එසැණ වෙබ් අඩවියේ ගිය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

‘මේ සම්බන්ධයෙන් මා පසුව කරන ලස පරීක්ෂණයේදී හෙළිවූයේ මෙතෙක් කාර්යාලය විසින් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය වී ඇත්තේ අයදුම්කරු තානාපති කාර්යාලයෙන් තමන්ගේ ගමන් බලපත්‍රය ලැබී ඇතිදැයි විමසා බලා කාර්යාලයයට පැමිණ තමන්ගේ ගමන් බලපත්‍රය ගැනීමයි. ගමන් බලපත්‍ර නිකුත් කරන අංශයේ අදහස වන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රමාද දෝෂයක් සිදුවී නොමැති බවය. එහෙත් ඉදිරියේ දී ගමන් බලපත්‍ර කාර්යාලයට ලැබුණු විගසම ඒ බව අයදුම්කරු වෙත දන්වා යැවීමට කටයුතු කළ යුතු බවට උපදෙස් දී තිබේ.‘

ලංකාදීපයේ මීට පෙර පළ වූ ප්‍රවෘත්තිය - http://www.lankadeepa.lk/index.php/articles/426274