‘ග්‍රාම නිලධරයාට හෙල්මටයකින් ගහලා‘


පිළියන්දල කුඩමාදූව ග්‍රාම නිලධාරිවරයාට හෙල්මටයකින් පහර දුන් බව කියන අයකු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.

මෝටර් රථයකින් පැමිණි සැකකරු පහරදීමෙන් පසු පළාගොස් ඇතැයිද මෝටර් රථයේ අංකය ඔස්සේ පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය පවසයි.

පහර කෑ බව කියන ග්‍රාම නිලධාරීවරයා රෝහලගත කර ඇත. බිරිය සමග සිය යතුරුපැදියෙන් ගමනක් ගොස් පැමිණෙමන් සිටියදී ග්‍රාම නිලධරීවරයාගේ නිවස අසලදී පහරදීම සිදු කර ඇතැයි ද කියති.