‘ගොවි සටන් සාධාරණයි‘ - ජනපති


කොනැතක හෝ ගොවි සටන්, උද්ඝෝෂණ ගොඩනැගෙන්නේ නම් තමන් එය දකින්නේ සාධාරණ ප්‍රශ්නයක් ලෙස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (6) පැවසීය.

රාජ්‍ය සේවකයන්ට පෞද්ගලික අංශ සේවකයන්ට මෙන් වැඩවර්ජන කිරීමේ හැකියාවක් ගොවියාට නැති නිසා ඔවුන්ට තම අයිතිවාසිකම් හා වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් අවබෝධයක් ඇතිවූ විට පාරට බැස සටන් කිරීම ඉතා සාධාරණ බව තමන් රටේ ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශ කරන්නේයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාතික වාරි ගොවි සමුළුවට විශාල මුදලක් වැය කර ඇති බවට  චෝදනා කර ඇති බව කී ජනාධිපතිවරයා මෙම සමුළුව පැවැත්වූයේ ගොවි ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසදීම වෙනුවෙන් බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ සංවිධානයෙන් කොළඹ  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (6) පැවති   ජාතික වාරි ගොවි සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

presihitan_201646-2 presihitan_201646-3 presihitan_201646-4 presihitan_201646-5