‘ජනතාවට සේවය කරන්න ඇමැතිවරුන්ට වාහන ඕනෑ‘


ජනතා නියෝජිතයන්ට රට පුරා ගමන් කරමින් ජනතාවට සේවය කළ හැකි වාහන ලබාදිය යුතු බැවින් ඔවුන් වෙනුවෙන් රජය වාහන ලබාදිය යුතු යැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

මෙතෙක් සිදුවූයේ කිසිකෙනෙක් නොදැනුවත්ව වාහන රටට ගෙන්වීම වුවත් මේ වතාවේ පරිපූරක ඇස්තමේන්තුවටල දැමීමෙන් විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීමේදී ඇමැතිවරුන්ට වාහන මිලදී ගන්නා බව සියලු දෙනාගේ කථා බහට ලක්ව ඇතැයි ඇමැතිවරයා කීය.

‘අමාත්‍යංශවලට පසුගිය කාලයේ නීත්‍යනුකූලව වාහන අරන් නැහැ. ජනාධිපති වාහන සංචිතයේ වාහන 1500ක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 20කට කලින් අපි බසයේ පාර්ලිමේන්තු එන්නම් කීවා. ටික කලකට පස්සේ මරුටිවල එන්නම් කිවා. ඇමැතිවරුන්ට වාහන අවශ්‍යයයි. ජනප්‍රිය අදහස්වලට යට වුණොත් සංවර්ධනය අඩාල වේවි‘