‘ජනපතිට කොන්දක්, හැකියාවක් තිබෙනවා‘


‘ගාල්ලෙ පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට එක්සත් ජාතික පක්ෂයෙන් සෙනග අදින්න මෛත්‍රිපාල ජනාධිපතිට අවශ්‍යතාවයක් නෑ. එතුමා කොන්දක්, හැකියාවක්, දක්ෂතාවයක් තියෙන නායකයෙක් මහ ලොකුවට රට බේරාගත්තු අභිත නායකය,රට රැකගත්තු මහා සෙන්පතිය කියල කයිවාරු ගැහුවට අන්තිමේදි මෛත්‍රිපාල මහතා ඉදිරියේ දණ ගැහුවා. ඒ මෛත්‍රිපාල ජනපතිට කොන්දක් තිබ්බ නිසා ඒක නිසා ගාල්ලෙ මැයි රැලියට ලක්ෂ ගණන් සෙනග අදින්න දෙයක් නෑ. හිතුවටත් වඩා ලක්ෂ ගණන් සෙනග ගාල්ලට යනවා‘ යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසිය.

අමාත්‍ය වරයා මෙසේ පැවැසුයේ මල්වතු අස්ගිරි මහ විහාර වලට ගොස් මල්වතු මහ නාහාමියන් හා අස්ගිරි මහානාහිමියන් දෙනම බැහැ දැක ආශිර්වාද ගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමිනි. 

web_saji_2016511 web_saji_2016512 web_saji_2016513