කිසියම් සංවිධානාත්මක පිරිසක් පොළොන්නරුව ජලගැලිම් නිම්න වනෝද්‍යානයට ඇතුළු වි එහි ඉපැරණි කුඹුක් ගස්වලට ගිනි තබා වනසතුන්ට මෙන්ම පරිසරයටද හානි සිදුවන පරිදි අක්කර දෙදහසකට වැඩි බිම් ප‍්‍රමාණයක් විනාශ කර එහි මේ දිනවල වී වගා කිරිමට පටන්ගෙන ඇති බව පරිසරවේදිහු හා ප‍්‍රදේශවාසිහු පෙන්වා දෙති.
ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ වන සත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ එහි වගා කිරිම, ඇතුළු වීම, ගිනි තැබීම, සතකුට හෝ පැලෑටියකට හානි කිරිම, කැලැවක් අලූතින් එළිකිරිම නිතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.
සිය දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායක් විසින් සිදු කරන මෙම නිති විරෝධි පරිසර විනාශය වගකිව යුත්තන්ගේ අවධානයට ලක් විය යුතු බව පරිසරවේදීහු පෙන්වා දෙති.
පොළොන්නරුව වනජිවි දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසිමකදි ඔහු පැවසූයේ ‘මේ භුමිය ලංකාවේ හොදම පරිසර සංවේදි කලාපයක්. විල්පත්තුවට වගේ මේ වනෝද්‍යානයෙත් 100 කට වැඩි පිරිසක් වාඩි ගහගෙන මහා පරිමාණයෙන් වී වගාව කරනවා. මේ අයට වෙනත් ප‍්‍රදේශවල නිත්‍යානුකුල කුඹුරුත් තියෙනවා. සමහර අය මේකේ කුඹුරු හදලා විකුණලත් තියෙනවා. දැනට අක්කර 2000 ක් විතර විනාශ කරලා. මේ විල්ලූවේ තිබ්බ පැරණි කුඹුක් ගස් විනාශ කළා. මේ අය දැන් සෝමාවතිය පුජාභුමියටත් වනෝද්‍යානයටත් ඇතුළු වෙලා අලූතින් කුඹුරු අල්ලනවා. ඒ අය කියන්නේ මේ පළාතේ සමහර මන්ත‍්‍රීවරුන්ගෙත් වනජිවි අයගෙත් සහාය ඇතුව මේවා කරනවා කියලා. ඉතින් අපිට මේවට නීතිය ක‍්‍රියාත්මක කරද්දි හැම අතින්ම බලපැම්.‘ යනුවෙනි.
ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිදු කරන මෙම විනාශය පිළිබදව පොලොන්නරුව වන සත්ව අඩවි ආරක්ෂක ආර් එම් රත්නායක මහතාගෙන් කළ විමසිමකදි ඔහු මෙසේ කීය.
‘ඕක අද ඊයේ එකක් නෙමේ. ඒ අය අවුරුද්දකට එක කන්නයක් වගා කරනවා. ඒ අය කියන්නේ ඒවට ඔප්පු තියනවා කියලා. ඉස්සර අක්කර විස්සක් විතර තමයි වී වගාව කළේ. දැන් නම් වැඩි වෙලත් ඇති. කොහොම නමුත් අපි ඒ අයට විරුද්ධව නිතිය ක‍්‍රීයාත්මක කරනවා‘