යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය මේ වසර අවසන් වීමට පෙර නැවතත් ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීන සමාගම සමග නව ගිවිසුමකට එළැඹෙන බවත් එය වරාය නගර සංවර්ධනය පමණක් නොව ඩුබායි සහා සිංගප්පූරුව අතර මුල්‍ය නගරයක් ලෙසද සංවර්ධනය කෙරෙන බව අගමැතිවරයා කීය.
කොළඹ නගරයේ වාහන තදබදයට පිළියමක් ලෙස ඉහළින් දිවෙන අධිවේගී මාර්ගයක් තැනීම සඳහා ජපාන රජයේ මුල්‍යාධාර හිමිවන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.