මධ්‍යසාර හා දුම්වැටි භාවිතය වැළැක්වීම සදහා රජය ගන්නා ඕනෑම සාධනීය පියවරක් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහිදී මධ්‍යසාර හා දුම්වැටිවලට අයකරන බදු ඉහළ නැංවීම සාධනීය පියවරක් බව ද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක ආකාරයට දුම්වැටි දවටනය වෙනස් කිරීමට කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන යන උත්සාහයටද තම සංගමය සහය දෙන බව ඔහු සඳහන් කරයි.
වර්තමානයේ පවතින දුම්වැටි දවටනයේ රූපමය අවවාදයක් ඇතුළත්කිරීමේ නීතියත් දිනාගත්තේ දැඩි පරිශ්‍රමයකින් පසු බැවින් එය වෙනස් කරන්නේ නම් පුළුල් විද්වත් අධ්‍යයනයකින් පසුව සිදුකළ යුතු බව ද එම නිවේදනයේ දැක්වේ.
බහුජාතික සමාගම්වල උවමනාවන් ඉටුකරමින් මධ්‍යසාර හා දුම්වැටි ප්‍රචාරණය සිදුකරන සිනමා නිර්මාණ පිළිබදව ඉදිරියේදී ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කරන බවද එම සංගමය පවසයි.