‘නවක වදය මඩින්න නව නීති‘


නවක වදය හා කාන්තා හිංසනය වැළැක්වීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමය එකතු වී පිහිටුවාගත් ප්‍රඥපත්තිය මෙම මස 12 වැනි දා සිට ක්‍රියාත්මක කරන බවත්,  කැලණිය විශ්ව විද්‍යාලයයේ  එය ප්‍රථමයෙන්ම සිදු කරන බවත් කැලණිය විශ්ව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා කීවේය.

ඔහු මේ බව කීවේ අද පැවැති මාධ්‍ය හමුවක දී ය.

මෙම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වූයේ නවකවදය නිසා සිසුන් විශ්ව විද්‍යාලයය අත හැර යාමත්, මහාචාර්යවරුන්ට පරිභව කිරීමත්, ආචාර්යවරුන්ට තර්ජනය කිරීමත් වැනි කරුණු නිසා බව ද ඔහු කීවේය.

පනත අනුව වැරදිකරුවන්ට අවුරුදු දෙකේ සිට පහ දක්වා සිර දඬුවම් දිය හැකියි. අපට අවශ්‍ය සිසුන්ට දඬුවම් කරන්න නොවෙයි. අවශ්‍ය සිසුන් යහමඟට ගැනීමයි. මීට පසු එන පැමිණිලි අපි විභාග කරන්නේ නෑ. පොලිසියට යොමු කරනවා.‘

DSC_9296