‘පළාත් පාලන මැතිවරණය පමා කරන්න එපා‘


නිශ්චිත දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකිරීමෙන් තමන්ගේත් තම රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින්   පැෆරල් සංවිධාන ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

මැතිවරණය පැවැත්වීමට පියවර ගැනීමට නියෝග කරන ලෙස ද පෙත්සම්කරුවෝ ඉල්ලති.

පැෆරල් අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා , මැතිවරණ කොමිසම, සීමා නිර්ණය කිරීමේ කොමිසම නම් කර ඇත.