කොටි නායක ප්රභාකරන් නිතරම තුවක්කුව කෙරෙහි විශ්වාශය තැබූ අයකු බවත් නිරායුද වීමට දැක්වූ බිය නිසා සාම ක්‍රියාවලිය අසාර්ථක වූ බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශ නායිකා තමිලනී මිය යාමට පෙර ලියන ලද පොතකින් හෙළි කොට ඇත.
‘‘ඔරු කුර්වාලින් නිලලිල්” හෙවත් ‘තියුණූ අසිපතක සෙවනැල්ලේ සිට‘ යන පොත මගින් කොටි නායිකා තමිලනී ප්රභාකරන්ගේ රහස් තොරතුරු හෙළි කොට ඇති අතර මීට අමතරව ‘‘පෝර්ක් කාලම්” හෙවත් ‘යුද සමය‘ යනුවෙන්ද පොතක් තමිලනී ලියා ඇති අතර මෙම පොත් ද්විත්වය කිලිනෙච්චිය සමූපකාර ගොඩනැගිල්ලේදී ඉරිදා (20) එළිදැක්විණි.
තමිලනී මිය යාමට පෙර ලියන ලද මෙම ග්‍රන්ත දෙක එළි දැක්වූයේ ඇගේ සැමියා වන බ්‍රිතාන්‍ය පුරවැසි බාවය හිමි එස්. ජෙයකුමාර් ය.
ඇගේ ‘‘ඔරු කුර්වාලින් නිලලිල්” පොතෙන් පෙන්වා දී ඇත්තේ ප්රභාකරන් සැම විටම සිය ආරක්ෂාව පිළිබඳව දැඩි සැකයකින් පසුවූ බවත් සාම ගිවිසුමේ ප්‍රතිඵලය නිරායුද වීම බවත් එය අනාරක්ෂිත වීමක් බවත් ප්රභාකරන් අවධාරණය කරගෙන සිටි බවයි.
එමෙන්ම තමිලනී තම පොතෙන් අවසන් යුද්ධය පරාජය වීමට බලපෑ ප්‍රධාන කරුණු කිහිපයක්ද පෙන්වා දී ඇත.
වසර 30 ක් තිස්සේ අඛණ්ඩ යුද්ධයෙන් කොටි සාමාජිකයින් දැඩි වෙහසකින් සිටි බවත් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධිඅංශය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අභ්‍යන්තරයට පිවිසීම මෙන්ම හතරවන ඊලාම් කොටි අණදෙන නිලධාරීන් වයස 45ත් 50ත් අතර කිලෝමීටරයක් දුරටවත් දිවීමට නොහැකි වයස්ගත තත්වයේ සිටීමත් වැනි කාරණාවන් ඊඨ හේතු ලෙස ඇය දක්වා ඇත.
මෙම පොත් දෙක එලි දැක්වීමේ අවස්ථාවට දෙමළ සාහිත්‍යධරයෙකු වන පී.කාන්තන්, තමිලනීගේ සැමියා හා ඇයගේ මව හා සහෝදරියක්ද සහභාගී වූහ.