‘පොලිසියෙන් ගහලා සිසුහු හතක් රෝහලේ‘


සාධාරණ අයිතිවාසිකම් ඉල්ලා පාරට බහින විට ආණ්ඩුව හැමදාම කරන්නේ පොලීසිය යොදවල තිරිසන් විදියට පහර දීම යැයි වෛද්‍ය පීඨ  ශිෂ්‍ය ක්‍රියාකාරී කමි‍ටු කැඳවුම්කරු රයන් ජයලත් අද(24) මරදාන සී.එස්.ආර් හි  පැවති මාධ්‍ය හමුවක දී  කීවේය.

“ජනාධිපති මන්දිරය දක්වා යන්න ආවාම පහර දුන්නා.  සිසුන් හත්දෙනෙකු රෝහල් ගත කළා, තුන්දෙනකුගේ ඇස්වලට හානිවෙලා, එක් සිසුවකුගේ දත් හතරක් කැඩිලා, දෙදෙනකු කදුළු ගෑස් උණ්ඩ වැදීම නිසා කොළඹ හදිසි අනතුරු ඒකකයේ, තවත් සිසුවකුගේ කන් බෙරයට හානි සිදුවෙලා. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ රට පුරා ගිහිල්ල ප්‍රකාශ නිකුත් කරනව ළමයින්ගෙ අධ්‍යාපනය නගා සි‍ටුවන්න අවශ්‍යයි කියල, හැබැයි මේ රටේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න කියලා ඉල්ලමින් පාරට එන සිසුන්ට දත් ගැලවෙන්න ඔළු පැලෙන්න පහර දෙනව. මේකද  ගේනව කියපු ප්‍රජාතන්ත්‍රවාදය."

 

IMG_6180