‘බඩයි සාක්කුයි නොපිරෙන ආර්ථිකයෙන් වැඩක් නෑ‘


ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පක්ෂ දෙක එක්ව ජාතික ආණ්ඩුව සැකසීම ඔස්සේ මෙතෙක් ආර්ථික ස්ථාවරයට බාධාවක්ව පැවැති දේශපාලන අස්ථාවරය නිම වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ අද (12) පැවැති ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සම්මේලනයේ දී පැවැසීය.

රටේ ජනතාව බඩගින්නේ තබා කරන ආර්ථික ප්‍රතිසංස්කරණවලින් වැඩක් නැති බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුත්තේ රටේ ජනතවාගේ කුස් හා සාක්කු පිරවීමට බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වනවිටත් සකසා අවසන් බවත් අගමැති කීය.

ඉදිරියේදී වෙනම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ව්‍යාපාරවල නිරත විය හැකි මූල්‍ය නගරයක් ස්ථාපිත කරන බව ද අගමැති සඳහන් කළේය.

‘දැන් අපේ පස් අවුරුදු ආර්ථික ප්‍රතිසංස්කරණ සැලැස්ම සකසා අවසන් වෙමින් තිබෙනවා. එය නුදුරේදීම ඉදිරිපත් කළ හැකියි. පසුගිය වසරේ ජනවාරි 8 වැනිදා පොදු අපේක්ෂක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වුණා. පොදු අපේක්ෂකයෙක් යනු පක්ෂ රැසක් නියෝජනය කරන පුද්ගලයෙක්. එවැනි අවස්ථාවක ප්‍රතිපත්ති, මතිමතාන්තර විශාල ප්‍රමාණයක් තිබෙනවා‘ යැයි ද අගමැති එහිදී පැවසීය.

RDS_4135 RDS_4166 RDS_4177