‘බෙහෙත ගන්න උදව් කළොත් ලොකු පිනක්‘


බෙල්ල, කිහිල්ල, ඉකිලිය වැනි තැන්වල වසා ග්‍රන්ථියේ හටගන්නා පිළිකාවකින් පෙළෙන තරුණයෙක් (31) පස් වසරක් පුරා මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ හා මාතර ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වන කැළුම් නිලන්ත සේරසිංහ ‘හොජ් කින් ලිම්පෝමා‘ (Hodgking’s Lymphoma) රෝගයෙන් පෙළෙයි.

ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය Brentuximab vedotin (SGN -35) (බ්‍රෙන්ටුක්සිමැබ්) බෙහෙත් කුප්පි දෙකක් යූරෝ 7800 වන බවත් මෙරටට ගෙන්වීම සඳහා තවත් යූරෝ 6000ක් නැව් ගාස්තු ගෙවිය යුතු බව එම සමාගම පවසයි.

කැළුම් නිලන්තගේ පියා වන එන්.කේ.ඒ.එල් සේරසිංහ මහතා මෙම මුදල් සොයා ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ උපකාර පතයි.  ලංකා බැංකුවේ මාලබේ ශාඛාවේ ගිණුම් අංක 4461325 ට ආධාර මුදල් තැන්පත් කළ හැකි අතර වැඩි විස්තර 071 3327903/ 077 7194160 අංක මගින් ලබාගත හැකිය.

12348024_854027158048612_6332738399098505107_n kalum_2016328

web_scan_2016328web_scan_20163282 web_scan_20163283 web_scan_20163284