‘මහින්දගේ එදා පාගමනුයි අදයි වෙනස්‘


‘මම එදා සිට අද දක්වා බොහෝ පාගමන්වලට සහභාගි වුණා. මහින්ද රාජපක්ෂ මහතා එදා පාගමන් ගියේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ඒ වගේම මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. නමුත් අද ඔහුත් එක්ක පාගමනේ ඉදිරියෙන්ම යන්නේ සැකකරුවෝ. ලෝකෝත්තරයෝ‘ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (1) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී පැවසීය.

‘අද මහින්දගේ දේශපාලනය ආරම්භ කරපු තැනට ආපසු ගමන් කරලා තියෙනවා  ජනපතිකම් කළාටත් පස්සේ. ඒක තමයි කියන්නේ රජකම් කළත් කළකම් පළ දෙනවා කියලා‘ යැයි ද ඔහු කීය.

AID_4260 GLA_8819 GLA_8821