‘මාදුළුවාවේ සෝභිත හිමි පැතූ ලෝකය බිහි වුණා‘


මාදුළුවාවේ සෝභිත හිමියන් පැතූ සාධාරණ සමාජය ගොඩනැගීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කැප වී සිටින මොහොතක උන්වහන්සේගේ අපවත්වීම කුමන්ත්‍රණයක්යැයි පැවැසීම සෝභිත හිමියන්ට කරන අපහාසයක් යැයි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.දිසානායක මහතා   පැවැසීය.

‘‘මම නම් කියන්නේ උන්වහන්සේ අපේක්ෂා කළ සිහිනය ඉටු වුණා. ඒ තමයි මේ රටේ සියලු ජනවර්ග ඉවසන රාජ්‍ය නායකයෙකු මේ රටට පත්වීමයි. මම නම් හිතන්නේ උන්වහන්සේ ඉතාම සතුටින් අපවත් වූ බවයි. උන්වහන්සේ මරාගත් බවට කරන චෝදනාව උන්වහන්සේට කරන අපහාසයක්. උන්වහන්සේට සාධාරණයක් ඉෂ්ට කරලා ඉවරයි. උන්වහන්සේ පතපු ලෝකය දැන් බිහිවෙලා ඉවරයි. ජනාධිපතිවරයාත් අග්‍රමාත්‍යවරයාත් ඒ වගකීම ඉෂ්ට කරමින් ඉන්නේ.’’ යැයි ලංකාදීපය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා කීවේය.