‘මෛත්‍රී පක්ෂ නායකයා ලෙස පිළිගන්නේ නෑ‘


ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් තේරිපත්වූ පළාත් පාලන නියෝජිතයන් වු තමන් ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් නොවන අයගේ ඡන්දයෙන් තේරිපත්වූ වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස පිළිනොගන්නා බව රත්නපුර දිස්ත‍්‍රික් පළාත් පාලන නියෝජිත එකමුතුව අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් නීතීඥ ප‍්‍රියන්ත කරුණාතිලක, රත්නපුර දිස්ත‍්‍රික් පළාත් පාලන නියෝජිත එකමුතුවේ සභාපති ලක්‍ෂමන් පේ‍්‍රමරත්න, ලේකම් ජානක පුෂ්ප කුමාර,  සාමාජිකයන්වන ටී.අත්තනායක, කේ.එම්.ගුණවර්ධන, එම්.එම්. රත්නතිලක, ආර්.සෝමරත්න යන මහත්වරු ඇතුලූ නියෝජිතයෝ පිරිසක් ඊට එක්ව සිටියහ.

ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව පක්‍ෂයේ යම් පුද්ගලයෙක් රටේ ජනාධිපති වුවහොත් ඔහු පක්‍ෂයේ නායකයා විය යුතු බව සඳහන්ව ඇතත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ බව ඔවුහු කීහ.

ජනතාවට විවිධ බොරු පොරොන්දු දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව අද ජනතාවගේ න්ද අයිතියද, ජනසම්මතවාදය ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද  ඉවත දමා ජනතා විරෝධී ගමනක් යන බව පැවසූහ.

ඒ නිසා සැබෑ ශ‍්‍රීලංකා නිදහස් පාක්‍ෂිකයන්වූ තමන්ට එරෙහිව කුමන විනය ක‍්‍රියා මාර්ගයක් ගත්තද, යහපාලන හයිබී‍්‍රඞ් ආණ්ඩුවට එරෙහි මේ ජනතා රැල්ල ඉදිරියටම ගෙනයන බව ඔවුහු අවධාරණය කළහ.

web_slfp_2016.329