‘යහපාලන රජයේ සංවර්ධනය කඩාකප්පල් කරන්න හදනවා‘


දිවයිනේ සැම ප්‍රදේශයකම යහපාලන රජය දැවැන්ත සංවර්ධනයක් අරඹා තිබියදි  යම් පිරිස් සහ බලවේගයන් විසින් එය කඩාකප්පල් කිරිමට කකුලෙන් ඇද ජනතාවට ලබා දෙන්නට යන ප්‍රතිලාභ නතර කිරිමට යෑම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා අද (27) යටිනුවරදි පවැසිය.

‘ගිය සතියෙත් මේ පිරිස් කොළඹදි උද්ඝෝෂණයක් කරලා විපක්ෂයේ මන්ත්‍රිවරයෙක්ට තුවාල සිදුවුණා. අපි ඒ ගැන ඇත්තටම කනගාටු වෙනවා. ඒකෙ කිසි වරදක් පොලිසියටවත් වෙන දේශපාලන පක්ෂයටවත් අයිති වෙන්නෙ නෑ. ඒ මන්ත්‍රීවරයා වැටිල තුවාල වුණාම ඒකෙ වරදත් යහපාලන රජයට දාල තියෙන්නෙ අපි කිසිසේත් එම චෝදනා භාර ගන්නෙ නෑ. රටේ සියලුම ජනතාවට තොරතුරු දැනගැනිම සඳහා තොරතුරු දැන ගැනිමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා‘

web_2016627