‘රටේ ප්‍රශ්න විසඳන්න සල්ලි ඕනෑ‘


ඉදිරියට යන්න හිතන අයගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් මෙරට තරුණ තරුණියන්ට, දරුවන්ට හොඳ අනාගතයක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂයට  සහයෝගය දෙන ලෙසත් එහි සාමාජිකත්වය ලබාගන්නා ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) මොරටුව පැවැති ප්‍රවර්ධන වැඩසටහනකදී පැවසීය.

‘අපි පොඩි රටක් අපේ ජනගහනය මිලියන 20යි. අපේ රටේ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට සල්ලි තියෙන්න ඕන. ජනතාවට සල්ලි තියෙන්න ඕන. අපිට දැන් තියෙන්නේ රාජපක්ෂ රෙජීමයේ ණය විතරයි‘ යැයි ද අගමැති කීවේය.

GLA_1753 GLA_1754 GLA_1795 GLA_1875