‘ලංකාව අද සොහොන් පිටියක් වාගේ‘


‘ජීනිවා නුවරින් දැන්  රටේ සෛවරීභාවයට  හානි  කරන නීති රීති පනවනවා’ යැයි  හිටපු  ඇමැති  බැසිල්  රාජපක්ෂ මහතා  අද (12) බත්තරමුල්ල සමෘද්ධි උත්සව ශෘලාවේ පැවති සමස්ත ලංකා  සමෘද්ධි  සංවර්ධන නිලධාරින්ගේ සම්මේලනයට  එක් වෙමින්  කීයාසිටියේය.

‘ආණ්ඩුවේ  ලොකුම පොරොන්දුව වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනයයි . විධායක ජනාධිපති  ක්‍රමය හා  පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය දැන් ඒ ව්‍යවස්ථා  පැත්තකට  දාලා. කොඩිය, සිංදුව, රාජ්‍ය  ආගම වැනි දේ තමයි  සංශෝධනය කරන්න යන්නේ. ඒවාගේම දේශපාලන පළිගැනීම හා විවිධ මර්දන කරගෙන යනවා. රටේ එකම වැඩ බිමක් වෙලා තිබුණු ලංකාව අද සොහොන් පිටියක් වාගේ.’ ඔහු පැවසීය.

DSC_9589 DSC_9607