‘ලංකාවට එන අභියෝගවලට ඇමරිකා සහාය‘


ශ්‍රී ලංකාවේ වත්මන් රජය ගතවූ මාස 16 කාලය තුළ කැපී පෙනෙන ප‍්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් , තිරසාර සාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වගකීම සහ ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ නව සබඳතා ගොඩනඟා ගැනීමේදී ශ්‍රී ලංකාව මෙලෙස ඉදිරියට පැමිණි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත සමන්තා පවර් (28) පැවසුවාය.

රටේ සියලූම පුරවැසියන්ට යුක්තිය සහ සංහිඳියාව ඇති කරන ක‍්‍රියාවලියකට ශ්‍රී ලංකාව කටයුතු කරන මේ මොහොතේ දී ඇතිවන අභියෝගයන් හමුවේ සහාය වීම සඳහා ඇමෙරිකාව  ඕනෑම මොහොතකදී ඉදිරිපත්වන්නේ යැයි ද ඇය සඳහන් කළාය.

‘ජනපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවීක පැවැත්වීමේ වටිනාකම අවධාරණය කර තිබෙනවා, ශ්‍රී ලංකාව පසුගිය කාල සමයේ අත්පත් කරගෙන තිබෙව ප‍්‍රගතියත් ඉතා වැදගත්. ජනපති ඔබාමාත් ඇමෙරිකාවත් ඒ සඳහා හැකි සහයෝගයක්ම ලබා දුන්නා ඒ වගේම ඉදිරියටත් ලබා දෙනවා. ශ්‍රී ලාංකික ජනතාවට සමාජ ආර්ථික ප‍්‍රතිලාභ අත්පත් කර දීමේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ කාර්යභාර්ය සුවිශේෂීයී.‘ යැයිද ඇය කීවාය.

Samantha_2016429e001