‘ලංකාවේ කාටවත් අනතුරක් නෑ‘


බෙල්ජියමේ බ‍්‍රසල්ස් අගනුවර ත‍්‍රස්ත ප‍්‍රහාර වලින් කිසිදු ශ්‍රී ලාංකිකයකු අනතුරකට ලක්වී නැතැයි විදේශ අමාත්‍යංශය කියයි.

එසේම ත‍්‍රස්ත ප‍්‍රහාරවලට ගොදුරුව තුවාල ලබා සිටින 200කට වැඩි තුවාලකරුවන් අතර ලාංකිකයින් නොමැති බව බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද තහවුරු කර ඇත.

මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය නම් 003223445585 හෝ 0032471872745 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බව බ‍්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.