‘ලක් හමුදාව පොකුරු බෝම්බ භාවිත කළේ නෑ‘


යුද්ධයේ අවසන් කාලයේදී රජයේ හමුදා පොකුරු බෝම්බ භාවිතා නොකළ බව ආරක්ෂක ලේකම් කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.

මෙවැනි ව්‍යාජ තොරතුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට ලබාදෙන්නේ යුරෝපයේ සිටින ගරිල්ලා කණ්ඩායම් බවත් සංවිධානාත්මකව මෙවැනි දේ සිදු කරන බවත් ඔහු කියයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද කියා සිටියේ තම කාලයේ පොකුරු බෝම්බ මිලදී නොගත් බවයි.